Gossips

හැඳුනුම්පත් ගන්න අද සිට රුපියල් 100ක්

මුල් වරට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අද සිට රුපියල් 100ක මුදලක් අය කරනවා.
එමෙන්ම ජාතික හැදුනුම්පත සංශෝධනය කර අනු පිටපතක් ලබා ගැනීමට රුපියල් 250ක ගාස්තුවක් ද, ගෙවිය යුතුයි.
මීට අමතරව නැති වූ ජාතික හැදුනුම්පතක් වෙනුවට එහි පිටපතක් ලබා ගැනීමට රුපියල් 500ක ගාස්තුවක් අය කරන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.