Gossips

හැඩඔයේ ට්‍රැක්ටර් රථයක් ගසාගෙන යාමෙන් අයෙක් අතුරුදන්

මොණරාගල – සියඹලාණ්ඩුව – හැඩ ඔය හරහා ගමන් කළ ට්‍රැක්ටර් රථයක් ගසාගෙන යාමෙන් එහි ගමන් කළ එක් අයෙකු අතුරුදන් වී තවත් පුද්ගලයන් 05 දෙනෙකු බේරාගෙන තිබෙනවා.
සියඹලාණ්ඩුව පොලීසිය සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඔහු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර සියඹලාණ්ඩුව හයේ කණුව, කූරගම්මන ප්‍රදේශයේ ගඟ පිටාර ගැලීමෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වනවා.
හබරණ – ආසිරිගම ප්‍රදේශයේදී ද අකුණු සැර වැදීමකින් 43 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අනතුරෙන් ඇයගේ ස්වාමි පුරුෂයා සහ පුත්‍රයා ද දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.