Gossips

හැටන් – රුවන්පුර රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)

හැටන් – රුවන්පුර ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ හට ගත් ගින්න මේ වනවිටත් රක්ෂිතය පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
ගින්නෙන් අක්කර 40 ක පමණ භූමි ප්‍රමාණයක් මේ වනවිට විනාශ වී ඇති අතර, ගින්න පාලනය කිරීම සදහා යුද හමුදාවේ සහය ද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි හැටන් වන සංරක්ෂණ කාර්යාලය කියා සිටියේ.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ