Gossips

හැටන් රිය අනතුරකින් තිදෙනෙකු රෝහලේ (ඡායාරූප)

කොළඹ සිට හැටන් කොටගල දක්වා ධාවනය වු මෝටර් රථයක් හා නුවරඑළියේ සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙකු වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළ බවයි හැටන් පොලිසිය පැවසුවේ.
අද (01) සවස 3.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ෆුට්හිල් ප්‍රදේශයේදි.
අධික වේගයෙන් ධාවනය වි ඇති මෝටර් රථය පැවති වර්ෂාවත් සමගම ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයේ ගැටි මෙම අනතුර සිදුවි ඇති බවයි මුලික පොලිස් පරික්‍ෂණ වලදී හෙළිවී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිලිබද හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර නුවරඑලිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ ගාමිණී ජාතික පාසල ඉදිරිපිටදි වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරට ලක්වූ එක් වෑන් රථයක විදේශිකයින් පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් අතරින් තුවාල ලැබූ තිදෙනෙකු නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.