හැටන් – රොතෑස් වතුයායේ ඇළකට වැටී අවුරුදු තුනයි මාස 11 ක් වයසැති පිරිමි දරුවෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් දෙමාපියන් සිදුකළ සොයාබැලීමකින් පසුවයි ඇළ අසළ තිබී දරුවාගේ පාවහන් යුගල හමුවී ඇත්තේ.
ඇළ මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරින් මෙම දරුවාගේ මළසිරුර තිබී පසුව දෙමාපියන්ට හමුව තිබෙනවා.
