Gossips

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ මාරක අනතුරේ CCTV දර්ශන

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී ඊයේ (16) පස්වරුවේ සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගියා.
හැටන් සිට කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී වංගුවක් ගැනීමට යාමේදී පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි සහ තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අනතුරින් රිරෝද රථයේ රියදුරා එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති අතර , ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් එක් අයෙක් දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ රාත්‍රියේ මිය ගොස් තිබෙනවා.
බරපතළ තත්වයේ පසුවූ තවත් අනෙක් පුද්ගලයා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශීක්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු සහ ත්‍රිරෝද රථය පැදවූ තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බවටයි වාර්තා වන්නේ.
මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ රියදුරු බීමතින් සිට ඇති බවටයි සැකපලකරන්නේ.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත බස් රථයේ රියදුරු අද (17) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුනා.
හැටන් පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.
අදාල අනතුර සිදුව අවස්තාවේ ඒ අසළ සවිකර තිබූ CCTV කැමරාවක අනතුර මෙලෙස පටිගතව තිබුනා.