පස්කඳු කඩා වැටීම හේතුවෙන් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.
තලවකැලේ සිට නුවරඑළිය දක්වා කොටසෙහි මෙලෙස පස්කඳු කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වර්ෂාවත් සමඟ මාර්ගයට පස්කදු කඩා වැටීමේ අවදානමක් පවතින නිසා ඒ පිළිබඳව රියදුරන් දැඩි අවධානමෙන් සිටිය යුතු බවයි.
මේ අතර, පසුගිය දින කිහිපය තුළ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5කට අයත් පුද්ගලයින් 600කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
සුළං හේතුවෙන් නිවාස 50කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
(ඡායාරූප – රංජිත් රාජපක්ෂ )