Gossips

හැටන් දුම්රිය අංගනයේදී බලවේග කට්ටලයක් පීලි පනී (ඡායාරූප)

හැටන් දුම්රිය ස්ථාන අංගනයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක බලවේග කට්ටලයක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
මහනුවර සිට හැටන් දක්වා ධාවනය වූ මෙම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය, හැටන් දුම්රිය අංගනයේදී එහි මැදිරි ගලවා ඒ වෙනුවට වෙනත් මැදිරි කිහිපයක් අමුණා, කොටගල දුම්රිය ස්ථානය කරා ධාවනය කරමින් තිබියදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ ඊයේ (02) රාත්‍රී 8.30ට පමණයි.
බලවේග කට්ටලයේ මැදිරි පීලිගත කිරීමේ කටයුතු නාවලපිටිය දුම්රිය ස්ථානයේ ආපදා අංශ නිලධාරීන් මේ වන විට ආරම්භ කර ඇති අතර, මෙම අනතුරෙන් දුම්රිය ධාවනයට බාධා සිදුව නැහැ.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ