Gossips

හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

හැටන් – දික්ඔය නගර සභාවේ සභාපති ධුරය සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ එස්. බාලචන්ද්‍රන් අද (26) තේරී පත්වුණා.
සභාපති ධුරයට තරඟ කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ඡුන්ද 8ක් හිමි වූ අතර, ලංකා කම්කරු කොංග්‍රසයට ද ඡන්ද 8ක් හිමිවීමෙන් පසු කුසපත් ඇදීමකින් අනතුරුවයි සභාපති ධුරය ලංකා කම්කරු කොංග්‍රසයට හිමිවී ඇත්තේ.
උප සභාපති ධුරය හිමි වූයේ එක්සත් ජාතික පක්ෂයේ් ඒ.ජේ.එම්.පාමිස්ටයි.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු සභාපති ධුරය සඳහා තරඟ කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙත ඡන්දය භාවිත කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගැනුණා.
එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ද කැදවීමට නාගරික කොමසාරිස්වරයා පියවර ගත් බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.