Gossips

හැටන් දික්ඔය ඇළේ තිබී පිරිමි මළසිරුරක් සොයාගැනේ (ඡායාරූප)

හැටන් ප්‍රදේශය හරහා ගලා බසින දික්ඔය ඇළේ තිබි පිරිමි මළ සිරුරක් අද (13) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හැටන් අලුත්ගාල්ල ප්‍රදේශයේ පදිංචි (45) හැවිරිදි දෙදරු පියෙක්.
ඊයේ (13) සවස නිවසින් බැහැරව ගොස් ඇති මේ පුද්ගලයා යළිත් රාත්‍රියේ නිවසට නොපැමිණිම නිසා ඥාතින් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
අනතුරුව අද උදැසන ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුවයි පොලිසිය මේ සිරුර සොයාගෙන ඇත්තේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ )