හැටන් ඩන්බාර් වතු යායේ ඉලුක් සහිත ඉඩමක ගින්නක් හටගෙන තිබෙනවා.
අද දහවල් හටගත් මෙම ගින්න ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං තත්වය හේතුවෙන් පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එය මැඩපැවැත්වීම සඳහා වතු කම්කරුවන් දැඩි උත්සාහයක නිරතවී තිබෙනවා.
මේවන විට ගින්න හේතුවෙන් අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක් විනාශවී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
සතුන් දඩයම් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙලෙස ගිනි තබන්නට ඇතැයි සැක කෙරෙනවා.
මධ්‍යම කඳුකරයේ පවතින මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය සමග මෙවැනි රක්ෂිත ගිනි තැබීම් සිදුවන අතර එවැනි කටයුතුවල නිරතවන පුද්ගලයන් සිටී නම් පොලිසියට දැනුම්දෙන ලෙසටයි පරිසර සංවිධාන මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
rn