Gossips

හැටන් – ගිනිගත්හේන ප්‍රදේශයේ සුළු නාය යාමේ තත්ත්වයක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන – දියගල ප්‍රදේශයේ සුළු නායායාමේ තත්ත්වයක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ මෙම ස්ථානයේ පසුගියදා ආරක්ෂිත බැම්මක් ද ඉදිකර තිබූ නමුත් එයද ගැලවී ගොස් ඇති බවයි.
මේ අතර, අධික වැසි හේතුවෙන් තවදුරටත් ප්‍රධාන ගංඟාවල සහ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.
ඒ අනුව කළු, ගිං, නිල්වලා, කැළණි, අත්තනගලූ සහ මාඔය අවට පහත්බිම්වල ජනතාව ගං වතුර පිළිබදව අවධානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.