Gossips

හැටන් ගම්මානයකට දිවියන්ගෙන් යළි තර්ජන (ඡායාරූප)

හැටන් කුඩාගම ප්‍රදේශයට යළිත් දිවියන්ගෙන් තර්ජන මතුව ඇතැයි එම ගම්මානයේ පදිංචිකරුවන් පවසනවා.
රාත්‍රී කාලයේදී ගම්මානය පුරා දිවියන් කිහිප දෙනෙකු සැරිසරන අතර නිවෙස්වල සිටින සුනඛයන් ගණනාවක් ද දිවියන් විසින් රැගෙන ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
ඇතැම් නිවාසවල කූඩු කර ඇති සුනඛයන් ද එම කූඩුවල දොරවල් කඩා දිවියන් විසින් රැගෙන ගොස් ඇතැයි සඳහන්.
ගම්වාසීන් ප්‍රකාශ කරන්නේ පවතින තත්වය මත පවුල් 300 ක් පමණ ගැටලු රැසකට මැදිවී ඇති අතර රාත්‍රී කාලයේදී හදිසි අවස්ථාවට හෝ ගම්මානය තුල යාමට නොහැකි තත්වයක් මතුවී ඇති බවයි.
එබැවින් ගම්මානයේ සැරිසරන දිවියන් අල්ලා ප්‍රධාන රක්ෂිතයකට මුදාහැරීමට කටයුතු කරන ලෙසට ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ