Gossips

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය යථා තත්වයට (ඡායාරූප )

පස් කන්දක් කඩාවැටීමෙන් අවහිර වී තිබූ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට මුළුමනින්ම යථා තත්වයට පත්කර තිබෙනවා.
හැටන් – ෂැනන් වත්ත ප්‍රදේශයේදී අද පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීමෙන් රථවාහන ධාවනය මුළුමනින්ම අවහිර වී තිබුණා.
පසුව හැටන් පොලීසිය සහ ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත්වීමෙන් එම පස් කන්ද ඉවත් කිරීමටයි පියවර ගැනුනේ.
කෙසේ වෙතත් පවතින අධික වර්ෂාව සමඟ තවදුරටත් එම ස්ථානයේ පස් කඳු කඩාවැටීමේ අවදානමක් පැවතිය හැකි බැවින් ඒ පිළිබඳව සැළකිලිමත්වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ