Gossips

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන් ඇණහිටී (ඡායාරූප)

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
එම ස්ථානය නාය යැමේ අවධානම් ස්ථානයක් බව හදුනා ගැනිමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම ස්ථානයේ නායයාම වැලැක්විම සඳහා
ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබෙන ස්ථානයකයි මෙලෙස පස් කන්දක් කඩාවැටී ඇත්තේ.
මේ අතර ප්‍රධාන මාර්ගයට වැටී තිබූ පස් සහ ගල් ඉවත්කිරිමේ කටයුතු සිදුකෙරුණද තවදුරටත් කඳු මුදුනේ සිට ප්‍රධාන මාර්ගයට වරින් වර පස් සහ විශාල ගල් පර්වත කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කිරිම ප්‍රමාද වි ඇති බවයි වාර්තා වන්නේ.
එම ප්‍රදේශයට තවදුරටත් ඇදහැලෙන වර්ෂාවත් සමග නායයාමේ අවධානම වැඩිවීම හේතුවෙන් හැටන්-කොළඹ ,හැටන්-මහනුවර , හැටන්-ගිනිගත්හේන , හැටන්-ලක්ෂපාන යන ප්‍රදේශවලට ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙසයි ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.


(ඡායාරූප – රංජිත් රාජපක්ෂ)