Gossips

හාවස්ට් 2018 ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

නව කෘෂි සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධානය කරන හාවස්ට් 2018 ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම සම්බන්ධ නවතම තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා එහි සිටින හිරු ප්‍රවෘත්ති අංශයේ සමීර කපුකොටුව.
දේශීය සහ විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටිනවා.
කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උ‍දෙසා භාවිත කෙරෙන නවීන තාක්ෂණ ක්‍රම මෙරට ගොවි ජනතාවට හඳුන්වාදීමත් ශ්‍රී ලංකාවේ නිපදවන එළවළු සහ පළතුරු සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් ඇති කිරීමත් මෙම ප්‍රදර්ශනයේ අරමුණයි.
ප්‍රදර්ශනය නැරඹීමට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි සිටි පිරිස සමඟ සුහද කතාබහකද නිරත වුණා.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඊට සහභාගි වීම සඳහා මන්ත්‍රීවරුන් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.