International

හාමුදුරුවරු 40කට NGO සල්ලි බෙදයි. ගලබොඩ අත්තේ, මැඬිල්ලේ, මාගල්කන්දේ හිමිවරුන් පෙරමුණේ.

මෙම රජය පෙරලීමට සිදු කරන පළමු කුමණ්ත්‍රණය මේ වනවිට හෙලි කර ගන්නට රජයේ බුද්ධි අංශ සමත් වී ඇති අතර, එම වාර්ථාව පසුගිය සිකුරාදා (20) දිනයේදී අදාල බලධාරීන් වෙත ලබා දී තිබේ.

නෝර්වේ සහ ස්වීඩන් රටවල් හා සම්භන්ධ රාජ්‍ය නොවන සංවිධාන මෙම කුමණ්ත්‍රණය හසුරවන බව මෙම වාර්ථාව ප්‍රකාශ කරන අතර, ඒ සඳහා LTTE හිතවාදී දමිල ඩයස්පෝරාව ඉතා විශාල වශයෙන් මුදල් සපයන බව මෙම වාර්ථාව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා..

මෙම රජය බිඳ වැට්ටවීම වෙනුවෙන් ඔවුන් යොදාගන්නට කටයුතු කරන මාතෘකා තුනක් පිළිබඳ ඔවුන් සඳහන් කරනවා..

  1. සිංහල බෞද්ධ ජාතිකවාදී බලාපොරොත්තු මේ රජය විසින් ඉටු නොකරන බව නිතර නිතර පවසමින්, මේ රජය බිහිකිරීමට විශාලම දායකත්වය දුන් සිංහල බෞද්ධ ජාතිකවාදී ජනතාව මෙම රජය කෙරෙන් බිඳ වැට්ටවීම
  2. ආගමික අන්තවාදී අදහස් ඇති කිරීම තුල මුස්ලිම් ඇතුළු සුළු ජනවර්ග වලට ලැබෙන වරප්‍රසාද සීමා කිරීමට කටයුතු කිරීම.
  3. ජාතිකවාදී අදහස් ඇති ආණ්ඩුවේ කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ට තනතුරු සහ වරප්‍රසාද ඉල්ලා බලෙන් හඬ නැගීම. මෙම ක්‍රියාවලිය ගැන එම මන්ත්‍රීවරුන් නොදැන සිටියාත් මොවුන් ඒ වෙනුවෙන් හඬ නැගීම…
  4. ආණ්ඩුවට සහාය දෙන සුළු පක්ෂ මන්ත්‍රීවරුන්ට විරුද්ධව මතයක් සමාජය තුල නිර්මාණය කිරීම
  5. ආණ්ඩුව තුල සිටින ප්‍රභල කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව ඡෝදනා එල්ල කිරීම.

මේ වනවිට අලි සබ්‍රි අමාත්‍යවරයා එල්ල කරමින් ගිය ප්‍රහාරය තනිකරම එහි ප්‍රතිපලයක් ලෙස මෙම වාර්ථාව හදුන්වා දී ඇති අතර, ඉදිරියේදී මෙම ප්‍රහාරයට ගොදුරු වීමට නියමිතව ඇති අමාත්‍යවරයා ලෙස හඳුන්වා දී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අමාත්‍යවරයා සග රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අමාත්‍යවරයාය.

විමල් වීරවංශ අමාත්‍යවරයා සහ සරත් වීරසේකර අමාත්‍යවරයා අතර විරසකයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමු තැන හිමි කරගත් සරත් වීරසේකර ඇමතිවරයාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ලබා දිය යුතු බවට සඳහන් කරමිනි. ඒ තුලින් විමල් වීරවංශ ඇමතිවරයාව සහ චමල් රාජපක්ෂ ඇමතිවරයාව අපහසුතාවයට පත් කිරීමට මොවුන් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

ඒ වගේම පසුගිය රජයේ කිසිවක් නැවත මතක් කිරීමෙන් වැලකී, මෙම රජය ගැන පමණක් විවේචනය කිරීමට කටයුතු කිරීමද මෙම සැලැස්මට අනුගත කාරණයකි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබා ගන්න සංඝ සභාවට පත්වීමට නොහැකි වූ, එම නිසා කල කිරීමට පත් ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා හරහා මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර පහ තුල ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මේ වනවිටත්, ගලබොඩඅත්තේ ඥාණසාර හිමි, මැඬිල්ලේ පඥ්ඥාලෝක හිමි, මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන්ට මෙම මුදල් ලබා දී අතර, එම හිමි වරුන්ගේ නායකත්වය ඔස්සේ හිමිවරු 40 නමකට මෙම ව්‍යාපෘතිය භාර කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධි අංශ විසින් රජයට හෙලි කර ඇත.

කෙසේ වුවත් මෙම වාර්ථාව පිළිබඳව සැලකිලිමත් වන ලෙස රජය ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව අභ්‍යන්තර ලියුම් කරුවකු විසින් අපට සනාථ කරනු ලැබිණ.