Gossips

හෂීස් ජාවාරම්කරුවෙකු එඬේරමුල්ලේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 22 ක් වටිනා හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 117 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කොළඹ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු එඬේරමුල්ල ප්‍රදේශයේ සිට හුණුපිටිය දක්වා ත්‍රිරෝද රථයකින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.