හවුති කැරළිකරුවන් රැදී සිටින යේමනයේ හුදෙයිදා වරාය වෙත සෞදි අරාබියට සහය දක්වන එරට හමුදාව ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
යුද්ධය නිසා යේමනයේ අවතැන්ව සිටින මිලියන 4ක් පමණ වන ජනතාවට මානුෂීය ආධාර සැපයෙන ප්රධාන පිවිසුම මෙම වරාය වන අතර, එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට කැරළිකරුවන්ට දැනුම් දී තිබූ නමුත්, ඊට ප්රතිචාර නොදැක්වීම හේතුවෙනුයි මෙලෙස ප්රහාර එල්ල කර ඇත්තේ.
කෙසේ වෙතත්, සහනාධාර කණ්ඩායම් ප්රකාශ කර ඇත්තේ මුහුදෙන් සහ ගොඩබිමෙන් එල්ල කළ ප්රහාර හේතුවෙන් සහනාධාර සැපයීමට බාධාවක් සිදුවිය හැකි බවයි.
