Gossips

හවායි ගිනි කන්දේ පිපිරුම් රැසක්

හවායි දිවයින් පෙළේ විශාලතම දිවයිනේ පිහිටි කිලේ ඕයා ගිනි කන්දේ තවත් පිපිරුම් රැසක් වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කළා.
දශක 3කට පමණ පසු නැවත සක්‍රීය වූ ගිනි කන්දේ ලාවා ගලා ඒමෙන් තවත් නිවාස රැසක් විනාශයට පත්වී තිබෙනවා.
පළමු පිපිරුමේ සිට මේ දක්වා 2000කට වැඩි පිරිසක ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරගෙන ඇති අතර, ගිනි කඳු ජාවා කිලෝමීටර් 32ක් පමණ ඈතින් වූ ප්‍රදේශ වෙත ද ගලාවිත් ඇති බවයි වාර්තා වන්නේ.