Gossips

හවායි ගිනි කන්දේ දැවැන්ත පිපිරුමක්

හවායි දූපතේ පිහිටි කිලේවේයා ගිනි කන්දේ ඊයේ දැවැන්ත පිපිරුමක් සිදුවී තිබෙනවා.
මීට සති දෙකකට පෙර සක්‍රියවීම ඇරඹුනු ගිනිකන්දේ ඊයේ සිදුවූ මෙම මහා පිපිරුමත් සමග අඩි 30,000 ක් පමණ ඉහළ අහසට ගිනිකදු අලූ විසිරුණු බව සදහන්.
මේ හේතුවෙන් මෙතෙක් එහි නිරීක්ෂණ කටයුතුවල නිරත වූ හවායි ගිනිකදු නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිලධාරින් පවා ඉවත් කර ගැණුනා.
ගිනිකන්දේ පිපිරවීම ඇරඹුනු දා පටන් ලාවා ගලා ඒමෙන් නිවාස රැසක් විනාශයට පත්වූ අතර, දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ගැණුනා.
මේ අතර, අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ උඩුගුවනේ සිට හවායි ගිනි කදු දුමාරය පැහැදිලිව දිස්වන බවයි.
ලොව වඩාත් සක්‍රිය ගිනි කන්දක් ලෙස සැලකෙන කිලෝවේයා ගිනි කන්ද අවසන් වරට විශාල පිපිරීමකට ලක්වූයේ 1924 වසරේදීයි.