හලාවත – පුත්තලම මාර්ගයේ වට්ටක්කුලිය ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී අනතුරට ලක්වූ පදික කාන්තාවක් රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ හලාවත – ජයබිම පදිංචි 62 හැවිරිදි කාන්තාවක්.
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, තලවකැළේ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය – සමර්සෙඩ් ප්‍රදේශයේ දී යතුරුපැදියක් හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද උදෑසන සිදුවූ මෙම අනතුරේදී තුවාල ලබා ඇත්තේ යතුරුපැදිය පැදවූ පිරිමි පුද්ගලයෙකු සහ එහි පසු පස ගමන් ගත් කාන්තාවක්.
