හලාවත මුහුදේ ගිලීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වාරියපොළ, බමුනුකොටුව ප්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදි කාන්තාවක්.
ඊයේ (01) පස්වරුවේ මෙම කාන්තාව තම සැමියා ඇතුළු පිරිසක් සමඟ හලාවත මුහුදු වෙරළට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී මේ කාන්තාව මුහුදට පිටුපා සිටින අවස්ථාවේ විශාල රළ පහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇති බව සදහන්.
අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා කාන්තාවගේ සිරුර මුහුදෙන් ගොඩ ගෙන තිබෙනවා.
සති දෙකක් තුළ හලාවත මුහුදේ ගිලි මියගිය දෙවන කාන්තාව මැය බවයි අප වාර්තාකරු පැවසුවේ.
සිදුවීම සිදුවූ අවස්ථාවේ ලබාගත් දර්ශන පහතින්.
