Gossips

හලාවත මුහුදු වෙරළේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් ගොඩ ගනී

හලාවත මුහුදු වෙරළේ පාවෙමින් තිබු කාන්තා මළ සිරුරක් අද (23) පෙරවරුවේ හලාවත පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
හලාවත මුහුදු වෙරළේ ඇවිදීමට පැමිණි පුද්ගලයෙකු කළ දැනුම් දීමක් මත හලාවත පොලිසිය මේ මල සිරුර ගොඩ ගෙන තිබෙනවා.
මේ පිලිබදව හලාවත නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාට කරන ලද දැනුම් දීමක් මත මළසිරුර හමුවූ ස්ථානයේ මුලික පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මළ සිරුර හලාවත මහා රෝහලට රැගෙන ගොස් තිබෙන.
වයස අවුරුදු පනහක් පමණ වේ යැයි සැක කරන මෙම කාන්තාව කොට කලිසමකින් හා බැනියමක් පමණක් සැරසී ඇති අතර මෙම කාන්තාව හඳුනා ගැනීම සඳහා පොලිසිය සහය පතනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.