Gossips

හලාවත මුල් පුටුවට පොහොට්ටුවේ දෙදෙනෙකු පොර කයි (ඡායාරූප)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට නම් කළ සභාපතිවරයාට විරෝධය පළ කරමින් එම පක්ෂයේම සුනිල් ෆාරිස් මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද (06) එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
එසේම, තනතුරේ අද (06) වැඩ භාරගැනීමට සිටි සරත් සිල්වා සභාවට පැමිණීමට පෙර, සුනිල් ෆාරිස් මන්ත්‍රීවරයා ඇතුලූ පිරිස එම ස්ථානයට ගොස් ධජ ඔසවා පොල් තෙල් පහන දල්වා වැඩ කටයුතු අරඹා ඇති බව ද අප වාර්තාකරු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, අනතුරුව පක්ෂයෙන් නම් කළ සභාපති සරත් සිල්වා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් නැවත සභා ගර්භයට පැමිණ පළමු සභාවාරය ආරම්භ කර තිබෙනවා.
ඒ සුනිල් ෆාරිස් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම පළමු සභා වාරය වර්ජනය කරමින් සිටියදීයි.
පෞද්ගලික අවශ්‍යතා මත හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ඇති බව සුනිල් ෆාරිස් මන්ත්‍රීවරයා චෝදනා කළා.