හලාවත – මීගමුව පෞද්ගලික බස් රථ සේවකයින්, වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 
ඒ පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකුට මීගමුව පොලිස් ස්ථානය තුලදී පොලිස් නිලධාරින් පිරිසක් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින්. 
පහරකෑමට ලක්වූ 41 හැවිරිදි බස් කොන්දොස්තරවරයා මේ වනවිට මාරවිල – මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.



