Gossips

හලාවත මහ රෝහලේ අසාමාන්‍ය මරණ

හලාවත දිස්ත්‍රික් මහරෝහලේ දින 10 ක් තුළදී සිදුවූ දරු ප්‍රසූතීන් අතරතුර ළදරුවන් තිදෙනෙකු හා මවක් මියයෑම හේතුවෙන් එම රෝහලේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
ජනතාව පවසන්නේ ඒ පිළිබදව සොයා බලා කඩිනමින් පරීක්ෂණයක් සිදුකල යුතු බවයි.
35 හැවිරිදි රසිකා ජීවනී පසුගිය 28 වනදා දරු ප්‍රසූතිය සදහා හලාවත දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කර තිබුණා.
සිසේරියන් සැත්කමකින් දරුවා ප්‍රසූත කිරීමට ඇය කැමැත්ත පලකර තිබුනද වෛද්‍යවරු එය ප්‍රතික්ෂේප කර ඇති බවට ඥාතීන් චෝදනා කරනවා.
කෙසේ වෙතත් රසිකා හා ඇයගේ කුසේ සිටි බිළිදා පසුගියදා මියගියා.
ඉන් දින 07 කට පසුව හලාවත නල්ලතනන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි ටානියා කල්හාරියගේ බිළිදු දියණිය මියගියේ දරු ප්‍රසූතියේදීයි.
මේ අතර ඊයේ තුන්වන සිදුවීම ලෙසට තවත් බිළිදෙකු හලාවත දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රසූතිකාගාරය තුළදී මියගියා.
ඒ උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකරියක් වන 30 හැවිරිදි පෙරියන්ඩි වදනිගේ දරුවායි.
මේ සම්බන්ධයෙන් අප වාර්තාකරු වැඩ බලන අධ්‍යක්ෂවරයාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සදහන් කර සිටියේ මෙය අසාමාන්‍ය තත්ත්වයක් බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි.