Gossips

හලාවත මහරෝහලේ සුළු සේවකයින් වර්ජනයක

හලාවත මහරෝහලේ සුළු සේවකයින් අද (01) පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
තමන්ට ලබාදෙන දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වැඩවර්ජනය දියත් කරන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
හලාවත මහ රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු පුද්ගලික සමාගමක් මගින් සිදුකරන අතර, එම සමාගමට අනුයුක්තව සේවකයින් පිරිසක් මෙලෙස වැඩවර්ජනයක නිරත වන බව පොලීසිය ප්‍රකාශ කළා.