හලාවත නගර සභාව සඳහා සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. 
අද (27) උදෑසන ඡන්ද විමසීම සිදුකිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඒ සඳහා ඝන පූර්ණය නොමැතිවීම ඊට හේතු වී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ. 
වයඹ පළාත් සභා කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්වූ අතර එහිදී ඝන පූර්ණය නොමැතිවීමත් සමඟ සභාව තුළ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.



