හලාවත කලපුවේ මසුන් මැරීමට ගොස් අතුරුදන්ව සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
පොලීසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
හලාවත – වැලිහේන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි එම පුද්ගලයා ඊයේ පෙරවරුවේ මසුන් මැරීම සඳහා කලපුවට ගොස් තිබූ අතර, පසුව ඔහු අතුරුදන්ව තිබුණා.
අනතුරුව ඥාතීන් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි ඔහුගේ මෘත ශරීරය අද මෙලෙස සොයා ගෙන ඇත්තේ.
