හලාවත – ඉරණවිල ප්‍රදේශයේදී වයස අවුරුදු 10 ක දරුවෙකු අපයෝජනය කර ඝාතනය කළ සිද්ධියේ සැකකරු මේ මස 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු හලාවත දිසා විනිසුරු සහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට අද (08) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදී අදට නියමිතව තිබූ හඳුනා ගැනීමේ පෙරට්ටුව 22 වනදා සිදුකරන ලෙස ද නියෝග කෙරුණා.
ඒ එක් සාක්ෂිකරුවෙකු නොපැමිණීම හේතුවෙන්.
