Gossips

හලාවත අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු සහ යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

හලාවත – කොස්වත්ත – මීගහවෙල මංසන්ධියේදී යතුරුපැදි දෙකක් ගැටී සිදුවු අනතුරකින් ඒවායේ ගමන් කළ යුද හමුදා සෙබලෙකු සහ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මියගිය පොලිස් සැරයන්වරයා මීගහවෙල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකු වන අතර යුද හමුදා සෙබලා හලාවත – කොස්වත්තේ පදිංචි 52 හැවිරිදි අයෙක්.