Gossips

හලාවතින් මුහුදුගිය යාත්‍රා 2 ක් ධීවරයන් 4 ක් සමග අතුරුදන් – වැසි සහ සුළං තවත් පැය 48 ක්

පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අනිද්දා දිනයෙන් පසු අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර, හලාවත – කාරාටි වත්ත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අනතුරට ලක්වීමෙන් සිව් දෙනෙකු අතුරුදන්වී ඇති බව පොලීසිය පවසනවා.
මෙම පිිරිස අද අලූයම බෝට්ටු 8 ක නැගී ධිවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති අතර, එම අටම අනතුරට ලක්වී ඇති බව සදහන්.
කෙසේ වෙතත්, ධීවර යාත්‍රා 6 ක් යළි ගොඩබිමට පැමිණ ඇති අතර, ධීවර යාත්‍රා 2 ක් අතුරුදන් වී තිබෙනවා.
ඒ ධීවරයින් හතර දෙනෙකු ද සමගයි.
මේ පිලිබදව අප හලාවත පොලීසියෙන් සිදුකළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු ද සිද්ධිය තහවුරු කළා.
එසේම, ඉදිරි දින දෙක තුළත් වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.