Gossips

හලාවතදී නාඳුනන තරුණයෙකු ජීවිතයට කරගත් අපරාධය

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ කාර්යාල දුම්රියට තරුණයෙකු ගෙළ තබා සියදිවි හානි කරගෙන ඇති බව හලාවත පොලිසිය පවසනවා.
ඊයේ (08) රාත්‍රියේ හලාවත – අළුත්වත්ත ප්‍රදේශයේදී අදාල තරුණයා දුම්රියට ගෙළ තබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇති තරුණයා හලාවත ප්‍රදේශයේ පදිංචි අයෙකු නොවන බවට හඳුනාගෙන තිබෙනවා.
දුම්රිය සේවකයින් විසින් මළ සිරුර හලාවත මහ රෝහල වෙත භාරදී ඇති අතර මියගිය පුද්ගලයා හඳුනාගැනීම සඳහා පොලිසිය මේ වන විට විමර්ශණ ආරම්භකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.