හලාවත ප්‍රදේශයේ දි ඊයේ (04) රාත්‍රියේ දේශපාලන පක්ෂ තුනක ආධාරකරුවන් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් කර තිබෙනවා.
දේශපාලන හේතුවක් මත මෙම ගැටුම සිදු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.
එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අතරයි ගැටුම ඇතිව තිබෙන්නේ.
තුවාල ලැබු ආධාරකරුවන් තුන්දෙනා හලාවත සහ උඩප්පුව රෝහල් වලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගැටුමෙන් වාහන කිහිපයකටද හානි සිදුව තිබෙනවා.
