Gossips

හල්පේ කුලේ ට පාදුක්ක නගරය මැද දුන් අවසන් ගෞරවය

පාදුක්ක නගරයේ තනිවම ජීවත්ව සිට හදිසියේම ජීවිතයෙන් සමුගත් පුද්ගලයෙකුගේ අවසන් කටයුතු පසුගියදා සිදුකෙරුණා.
ඒ පාදුක්ක එක්සත් ත්‍රීරෝද රථ සංගමයේ රියදුරු මහතුන්ගේ සහ පාදුක්ක වෙළඳ ව්‍යාපාරික මහතුන්ගේ අනුග්‍රහයෙන් සිදුකළ චාම් අවමංගල්‍ය උත්සවයකින් අනතුරුවයි.
කාත් කවුරුවත් නොමැතිව අසරණව සිටි ඔහුට සියල්ලන් ආමන්ත්‍රණය කළේ "හල්පේ කුලේ" යන නාමයෙන්.
ඔහු පාදුක්ක ප්‍රදේශයේ සෑම අවමංගල්‍ය උත්සවයකටම සහභාගී වූ අතර ඒ සෑම අවස්ථාවකදීම නිවැසියන්ට ඔහුට හැකි අයුරින් උදව් කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මියයනතුරු හරි හැටි නවාතැන්ගන්න ස්ථානයක් නොතිබුණද පාදුක්ක නගරයම ඔහුට සිය නිවස වූ බවයි සඳහන් වන්නේ.
කෙතරම් අගහිඟකම් තිබුණද කිසිවෙකුට වංචාවක් සිදු නොකර හල්පේ කුලේ තම ජීවිතය චාම් ව ගතකර බවයි ඔහු පිළිබඳව දන්නා පිරිස් පවසන්නේ.
ඔහුගේ අවමංගල්‍ය උත්සවය පැවති ආකාරය පහතින්.