Gossips

හල්දුම්මුල්ලේ පුද්ගල ඝාතනයක්

හල්දුම්මුල්ල – පට්ටියතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස පහර දීමෙන් මියගොස් ඇත්තේ ඌවතැන්න – මරන්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලීසිය පවසනවා.