Gossips

හල්දුම්මල්ලේ පයිනස් රක්ෂිතයක ගින්නක්

බදුල්ල – හල්දුම්මුල්ල – සීලතැන්න ප්‍රදේශයේ පයිනස් රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 10 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්, හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව සහ දියතලාව යුද හමුදා කඳවුරේ සෙබළුන් එක්වී ගින්න මැඩපැවැත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්න හේතුවෙන් පයිනස් රක්ෂිතය අවට නිවාස කිහිපයකට, වැවිලි භෝගවලට සහ අධිබලැති විදුලි රැහැන්වලටද හානි සිදුව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.