හය හැවිරිදි පාසල් සිසුවිකගේ මළ සිරුරක් යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී සොයාගත් බව යාපනය – වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා.
අප වාර්තාකරු පැවසුවේ ඊයේ (25) සවස මෙම සිරුර සොයා ගත් බවයි.
පාසලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරිය පාසල් ගොස් නැවත නිවස වෙත නොපැමිණීම හේතුවෙන් කළ සොයා බැලීමකදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ පිහිටි ළිඳක තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.
සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ අද (26) යාපනය රෝහලේදී සිදුකිරීමට නියමිත අතර දැරියගේ මරණය ළිඳට වැටී සිදුවූවක්ද නැතහොත් වෙනත් හේතුවක්ද යන්න සම්බන්ධයෙන් සොයා වඩ්ඩුකොඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
ඡායාරූප – වව්නියාව, දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය / රොමේෂ් මදුසංක
