Gossips

හය හැවිරිදි දරුවෙකුට මත්පැන් පෙවූ සිද්ධියක් ගැන පොලීසියෙන් පරීක්ෂණ

තම 6 හැවිරිදි පිරිමි දරුවාට අසල්වැසි නිවසක පැවති මංගල උත්සවයකදී බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇති බවට අම්බලන්තොට – මොදරවල්ලිය ප්‍රදේශයේ පදිංචි මවක් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
අදාළ නිවසේ සෙල්ලම් කිරීමට ගිය දරුවා නැවත නිවසට පැමිණි පසු දරුවාගේ කටින් මත්පැන් ගඳ වහනය වූ බැවින් තමන් ඒ පිළිබඳව විමසා සිටි බවයි ඇය එමගින් සඳහන් කර ඇත්තේ.
එහිදී අදාළ මංගල උත්සවය පැවති නිවසේ සිටි පුද්ගලයෙකු කිසියම් පානයක් තමන්ට පෙවූ බව දරුවා ප්‍රකාශ කර තිබෙනවා.
අම්බලන්තොට පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ දරුවා අම්බලන්තොට රජයේ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.