හය හතර නොතේරෙන තම පුංචි පුතාට පාපතර පියෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකළ හැටි "
සුපිරි වෙළඳසැලක් තුළදී කුඩා දරුවෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.
මේ වනවිට අදාළ සිදුවීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඒ එම අවස්ථාවේ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟයි.
එම වීඩියෝවේ සුපිරි වෙළඳසැල තුළදී කුඩා දරුවාට මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකරන අයුරු දැක්වෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දරුවාගේ පියාට චෝදනා එල්ලවූ අතර එරට අධිකරණයක් විසින් දරුවාගේ පියාට වසර 16 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඔහු අධිකරණයේදී ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස ඇසිඩ් ප්‍රහාරය එල්ලකළේ බිරිඳ තමාගෙන් දික්කසාද වීම වැලැක්වීමට බවයි.
සැකකාර පියා වැඩිදුරටත් පවසන්නේ මෙමගින් දරුවන් ඇය සමඟ සිටීම අනාරක්ෂිත බව පවසා එය වැලක්වීම තම අදහස වූ බවයි.
එම සිදුවීම දැක්වෙන CCTV දර්ශනපෙළ පහතින්.