Gossips

හය හතර නොතේරෙන තමන්ගේම පුතාට අම්මා කළ අමානුෂික අපරාධය

බාලවයස්කාර පිරිමි දරුවෙකුගේ පාදය ගිණි පෙනෙල්ලෙන් පිලිස්සූ බවට පැවසෙන එම දරුවාගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ මාතලේ උකුවෙළ රත්වත ප්‍රදේශයෙන්.
මෙලෙස පිලිස්සීමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 6 ක කුඩා පිරිමි දරුවෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අදාළ දරුවා තම මිත්තණිය සමඟ වාසය කරන බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
කුඩා නිවසක වාසය කරන තමන් සහ දරුවාගේ මව අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව දරුවාගේ මව විසින් මෙලෙස අමානුෂිකව දරුවාගේ පාදය පිළිස්සීමට ලක්කළ බවයි මිත්තණිය පැමිණිලි කර ඇත්තේ.
අදාළ සිදුවීමෙන් අනතුරුව සැකකාර මව ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයයි සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වන්නේ.