Gossips

හය ලක්ෂයක දුම්වැටි සමඟ විදේශිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රුපියල් හය ලක්ෂයක් වටිනා දුම්වැටි 12,000ක් අඩංගු කාටූන් 60ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යූ.එල්. 881 දරණ යානයෙන් අද (13) උදෑසන 6ට පමණ ගුවන් තොටුපළ වෙත පැමිණි ඔහුගේ ගමන් මළුවල මෙම දුම්වැටි තොගය අසුරා තිබූ බව සඳහන්.
35 හැවිරිදි මොහු පිළිබද පරීක්ෂණ කටයුතු ගුවන් තොටුපළ රේගුව මඟින් සිදුකරන බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.