අන්තර් පළාත් පන්දුවාර විස්ස තරඟාවලියේ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර අද (22) පැවති තරඟය තියුණු තරඟයකින් අනතුරුව ජය ගන්නට කොළඹ කණ්ඩායම සමත් වුණා.
දෙපිලේම ලකුණු සංඛ්‍යාව සම වීම හේතුවෙන් තරඟයයේ ජය පැරදුම සුපිරි පන්දුවාරයකදී තීරණය කරන්නට විනිසුරුවරුන් තීරණය කළා.
කෙසේ වෙතත් සුපිරි පන්දුවාරයේදී ද දෙපිලේම ලකුණු සංඛ්‍යාව සමවීම ද විශේෂත්වයක්.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 05කට ලකුණු 188ක් රැස් කළා.
එහිදී පන්දු 47කට මුහුණ දෙමින් ලකුණු 67ක් රැස් කරන්නට ආරම්භක පිතිකරු උපුල් තරංග සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 07කින් සහ හයේ පහර 02ක් ඇතුළත්.
කොළඹ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් දියත් කළ ෂෙහාන් ජයසූරිය ලකුණු 63ක් රැස්කළේ පන්දු 36කින්.
පන්දු යැවීමේදී ළහිරු ගමගේ සහ චරිත් අකලංක කඩුලු 02 බැගින් බිඳ දැමු අතර මහනුවර කණ්ඩායමේ ප්‍රභලතම පන්දු යවන්නා වන ලසිත් මාලිංගට මෙහිදී කිසිඳු කඩුල්ලක් දවාගැනීමට හැකියාව ලැබුනේ නැහැ.
පන්දුවාර 04 යවමින් ලසිත් මාලිංග ලබාදුන් ලකුණු සංඛ්‍යාව 28ක්.
ලකුණු 189ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 07කට රැස්කගන්නට හැකිවුයේ ලකුණු 188ක් පමණයි.
මහනුවර කණ්ඩායම වෙනුවෙන් ළහිරු තිරිමාන්න ලකුණු 50 රැස්කළ අතර දසුන් ශානක ලකුණු 30ක් රැස්කිරීමට සමත් වුණා.
දෙපිලේම ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයකින් තරඟයේ ජය පැරදුම තීරණය කරන්නට විනිසුරුවරුන් එහිදී තීරණය කළා.
ඒ අනුව මහනුවර කණ්ඩායමට හිමිවූ සුපිරි පන්දුවාරය තුල කඩුලු 02කට ලකුණු 05ක් රැස් කිරීමට සමත්වුණා.
සුපිරි පන්දුවාරය තුල මහනුවර කණ්ඩායම ලබාගත් ලකුණු 05 ආරක්ෂා කිරීම සඳහා කොළඹ කණ්ඩායමට එරෙහිව සුපිරි පන්දුවාරය යැවීමේ වගකීම පැවරුනේ ලසිත් මාලිංගටයි.
සිය වගකීම මැනවින් ඉටුකළ මාලිංග සුපිරි පන්දුවාරයේදී කොළඹ කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 05කට සීමා කරන්නට සමත් වුණා.
සුපිරි පන්දුවරය තුලදීත් කණ්ඩායම් දෙකෙහිම ලකුණු සමවීම හේතුවෙන් තරඟ නීති රීති වලට අනුව තරඟයේ ජය පැරදුම තීරණය කළේ කණ්ඩායම් දෙක ලබාගත් හයේ සහ හතරේ පහර අනුවයි.
එහිදී මහනුවර කණ්ඩායම සිය ඉනිම තුලදී හතරේ සහ හයේ පහර 24ක් වාර්තාකර ඇති අතර කොළඹ කණ්ඩායම රැස්කර තිබූ හයේ සහ හතරේ පහර සංඛ්‍යාව 26ක්.
අනුව මෙම තරඟයේ ජයග්‍රහණය හිමිවුණේ කොළඹ කණ්ඩායමටයි.