Gossips

හයිබ්‍රිඩ් සුද්දා පාදුක්කේදී අල්ලයි

රුපියල් මිලියන 13 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු පාදුක්ක ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සැකකරු ළඟ තිබී හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 100 ක් පොලිස් භාරයට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමීර රසාංග ගුණසේකර හෙවත් හයිබ්‍රිඩ් සුද්දා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටයි වාර්තාවන්නේ.
මොහු අංගොඩ, හිඹුටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු පාදුක්ක – අංගම්පිටිය – නැටිඔලූව ප්‍රදේශයේ කුලියට ගත් නිවසක රැදී සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබූ මෝටර් රථ දෙකක් සහ රුපියල් හත්ලක්ෂ 50,000 ක මුදලක් ද කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරින් සිය භාරයට ගෙන තිබෙනවා.
2015 වසරේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කර 12 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට මොහු සැකකරුවෙකු ද වනවා.