Gossips

හයිද්‍රාබාද් පිළට කඩුලු 5ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරඟයකදී දිල්ලි කැපිටල්ස් පිළ පරදවා කඩුලු 5ක ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිළ සමත් වුණා.
දිල්ලි පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලූ 8ක් දැවී ලකුණු 129ක් රැස් කළ අතර, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් වූ මොහොමඩ් නබි ලකුණු 21කට කඩුලු 2ක් ද රෂීඞ් ඛාන් ලකුණු 18කට එක් කඩුල්ලක් ද ලබා ගත් අතර බුවනේෂ්වර් කුමාර් ලකුණු 27කට කඩුලු 2ක් බිද හෙලුවා.
පිළිතුරු වශයෙන් පන්දු වාර 18යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් හයිද්‍රාබාද් පිළ ජය වාර්තා කළා.