ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී සන්රයිසස් හයිද්‍රාබාද් පිළ පරදවා කඩුලු 06ක ජයක් ලැබීමට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිළ සමත් වුණා.
හයිද්‍රාබාද් පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 04ක් දැවී ලකුණු 150ක් රැස් කළ අතර, පන්ජාබ් පිළ පන්දු වාර 19යි පන්දු 5කදී කඩුලු 04ක් දැවී ලකුණු 151ක් රැස් කරමින් තරඟයේ ජය හිමි කර ගත්තා.
පන්ජාබ් පිළ වෙනුවෙන් ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 71ක් රැස් කළ අතර එය ඔහු මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ලබා ගත් තුන් වන අර්ධ ශතකයයි.
