රුපියල් හයකෝටි හැත්තෑපන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් සමඟ පෝලන්ත ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
60 හැවිරිදි මෙම පෝලන්ත ජාතිකයා සිය ඉණ වටා බැඳගෙන සිටි විශේෂ බඳ පටියක සඟවාගෙන මෙම රන් බිස්කට් තොගය රැගෙන විත් තිබූ බවයි ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරණ යානයෙන් ඩුබායි සිට පැමිණි මොහු සන්තකයේ තිබී සොයාගත් මෙම රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් 10 ක් වනවා.
