Gossips

හමුදා හිස් වැසුම් දමාගත් ඉන්දීය ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාව සමඟ තෙවන එක්දින තරඟයට (ඡායාරූප)

සංචාරක ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තුන්වන එක්දින තරඟය රන්චිහිදී අද (08) ආරම්භ වුණා.
තරඟයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළා.
අද තරඟයේදී ඉන්දීය ක්‍රීඩකයින් යුධ හමුදා හිස් වැසුම් පැළද ක්‍රීඩා පිටියට පිවිසීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.
පසුගියදා කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ඉන්දීය ආරක්ෂක හමුදා සෙබළුන්ට උපහාර දැක්වීම පිණිස ඉන්දීය ක්‍රීඩකයින් මෙලෙස යුධ හමුදා හිස් වැසුම් පැළද ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.
තරඟය ආරම්භයට පෙර හිටපු නායක කර්නල් මහේන්ද්‍ර සිං දෝණි විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් අතරේ යුධ හමුදා හිස් වැසුම් බෙදා දීම සිදුකරණු ලැබුවා.
කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක හමුදා සෙබළුන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.