Gossips

හමුදා බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිළයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හමුදා බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිළයටත්, ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකු කර්නල් නිළයටත් උසස් කර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ යුද්ධයේදී රනක්ෂිතයට පත්වූ හමුදා බ්‍රිගේඩියර්වරුන් 4 දෙනෙකු ඊට ඇතුළත් බවයි.
ඒ අනුව ඩී.ජේ.අයි.පී. ගමගේ, එච්.ආර්. වික්‍රමසිංහ, ජේ.ආර්. අබේමොහොට්ටි, ඩබ්ලිව්.එච්.එම්. මනතුංග සහ ඩී.ඒ.පී.එන්. දෙමන්පිටිය යන බ්‍රිගේඩියර්වරුනුයි මෙලෙස මේජර් ජෙනරාල් තනතුරට උසස් කර ඇත්තේ.
යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම උසස්වීම් සිදුකර තිබෙනවා.